fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රටට ලැබෙන සහයෝගය ගැන දේශපාලන කෝණයෙන් නොබැලිය යුතුයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2023 12:51

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රටට ලැබෙන සහයෝගය ගැන දේශපාලන කෝණයෙන් නොබැලිය යුතුයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රටට ලැබෙන සහයෝගය ගැන දේශපාලන කෝණයෙන් නොබලා මේ මොහොතේ සැම දෙනා එක්ව කටයුතු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) අනුරාධපුර ප්‍ර‌දේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

“ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ එහි ගෝලීය මෙහෙයුම්, ඒ අනුග්‍රහය හරහා රටේ මුල්‍ය විනය සහ මුල්‍ය කළමනාකරණය, යළිත් ආර්ථික අර්බුදයක් ඇති නොවන බවට සහතික වීම, බැංකු ක්‍රමයේ විශ්වසනීයත්වය අමතක කළ නොහැක. ඒ නිසා මේ වගේ වෙලාවක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රටට ලැබෙන සහයෝගය ගැන දේශපාලන කෝණයෙන් නොබලා අපි එකතුවෙලා කටයුතු කළ යුතු බව .” අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ වසරේ මුල් කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය රජය අපේක්ෂා කරන බවයි.
“අපි නිල ණය හිමියන්ගෙන් සහතිකය ලබාදීමේ අවසන් අදියරේ ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනවා. මේ රටට පමණක් නොව තවත් රටවල් රැසකට මේ සහයෝගය ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අප විසින් ගෙන තියෙනවා. මේ වසරේ පළමු කාර්තුව තුළදී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි. ඒ සඳහා අප විසින් බොහෝ දේ නිරාකරණය කර ඇත. හදුනාගත් ගැටලු පිළිබඳව අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම අපි මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කර ඇත. අපගේ ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මුල්‍ය සහතික ලබා ගැනීමේ අවසන් අදියරේ අප මේ වන විට කටයුතු කරමින් සිටිමු. ඒ අනුව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවට සහතික වී ඇත.” රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2023 12:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්