fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි බිල වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2023 11:41

විදුලි බිල වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය අද

විදුලි බිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබද අවසන් තීරණය අද රැස්වන කැබිනට් මණ්ඩලයේදී ගැනීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් වන යෝජනාව පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබද සාකච්ඡා කිරීමට සතියක් කල්තැබුණා.

විදුලි බිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන යෝජනාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළා. විදුලි ගාස්තු සංශෝධනය පිළිබද එහිදී සාකච්ඡා කළ අතර යෝජිත තීරුබදු ව්‍යුහය බලශක්ති පුරෝකතන සහ මූල්‍ය තත්ත්වය පිළිබද කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සතියක කාලයක් ලබාදීමට තීරණය කෙරුණු අතර ඒ අනුව අද දිනයේ දී රැස්වන කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ගැනීමට නියමිතයි. විදුලි ගාස්තු සංශෝධනයට අනුව මුල් ඒකක 30ට දැනට ඒකකයක් සදහා අයකරන  රුපියල් 8ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩිකිරීමට නියමිත බව වාර්තා වනවා. ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට රු 10 ක් අයකරන අතර එය රුපියල් 37ක් දක්වා වැඩි කෙරෙනු ඇති.  ඒකක 61සිට 90 දක්වා දැනට අයකරන රුපියල් 16ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩිකිරීමට යෝජිතයි. එමෙන්ම ඒකක 91 සිට 120 දක්වා ඛාණ්ඩයට අදාළව සහ 121 සිට 180 දක්වා එක් ඒකකයකට දැනට අයකරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට යෝජනා වී තිබෙනවා. එමෙන්ම 181 ට වැඩි ඒකක සදහා දැනට අයකරනු ලබන්නේ රුපියල් 75ක් වන අතර එම ගාස්තුවේද වෙනසක් සිදුකර නැහැ. මේ අතර ස්ථාවර ගාස්තු වැඩිකිරීමටද නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2023 11:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්