ශ්‍රී ලංකා – ඉන්දියා එක්දින තරගාවලියේ පළමු තරගය හෙට
Related Articles
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට ගුවාහති හිදි ඇරඹෙනවා.
දිවා රාත්‍රී තරගයක් ලෙසයි මෙය පැවැත්වෙන්නේ. දෙරට අතර පැවති අවසන් එක්දින ජාත්‍යන්තර තරග පහෙන් හතරකම ජයග්‍රාහණ ලබා ගැනීම සමත්ව ඇත්තේ ඉන්දියාවයි. හෙට පැවැත්වෙන තරගයේ ඉන්දීය කණ්ඩායමට රෝහිත් ශර්මා නායකත්වය ලබාදෙන අතර ශ්‍රි ලංකා කණ්ඩායම මෙහෙය වන්නේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකයි. දෙරට අතර දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය කොල්කටාහි ඊඩන්ගාඩ්න්ස් පිටියේදි ලබන 12 වනදා පැවැත්වෙන අතර තුන්වන තරගය තීරුවානන්තපුරම් හි ග්‍රින්ඩ්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි ලබන 15වනදා පැවැත්වීමට නියමිතයි. ආබාධයට ලක්වු රෝහිත් ශර්මා ඇතුලු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම නැවත ඉන්දීය කණ්ඩායමට පැමිණ තිබිම විශේෂත්වයක්. ජස්ප්‍රිත් බූම්රා සහ මොහොමඩ් ෂාමි ද වේග පන්දු බලඇනියට එක්වනු ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළා. අවසන් වරට ඉන්දියාව බංගලාදේශයේදි ක්‍රීඩා කළ එක්දින ජාත්‍යන්තර තරගාවලිය එකට දෙකක් ලෙස පරාජය වුණා.
මේ අතර පසුගියදා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයග්‍රාහණය කළා.