fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපරාධකල්ලි දෙකකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු දස දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2023 09:29

අපරාධකල්ලි දෙකකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු දස දෙනෙකු අත්අඩංගුවට

බොරැල්ල සහ නාරාහේන්පිට ප්‍රදේශයේ අපරාධකල්ලි දෙකකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයන් දස දෙනෙකු ආයුධ තොගයක් සමඟ අත්අඩංගුව ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශය කළ වැටලීමකදි සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ළඟ තිබි කඩු දෙකක්,  මන්න පිහි 04ක්,  කිණිසි දෙකක්,  යකඩ පොලු 06ක් ඇතුලු ආයුධ රැසක් පොලිස් භාරයට ගැණුනා. මත්ද්‍රව්‍ය ජාවාරම මුල් කර ගනිමින් අපරාධකල්ලි දෙක අතර ගැටුම් සිදු වු බවට විමර්ශනවලදි හෙළි වී තිබුණා. අත්අඩංගුවට පත් වූවන් අතර මනුෂ්‍ය ඝාතන සැකකරුවෙකු ද වන බව පොලිසිය ප්‍රකාශ කළා. අත්අඩංගුවට ගත් දස දෙනාගෙන් 08 දෙනෙකු පොලිස් ඇප මත නිදහස් කෙරුණු අතර සෙසු සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි පොලිසිය සදහන් කලේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2023 09:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්