fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොල්ලුපිටියේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2023 08:59

කොල්ලුපිටියේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කොල්ලුපිටිය ප්‍රදේශයේදි ඊයේ රාත්‍රියේදි සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

බම්බලපිටිය සිට කොල්ලුපිටිය දෙසට ගමන් කළ ජීප් රථයක් එම දිසාවටම ධාවනය වු මෝටර් රථයක ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. මෝටර් රථයේ රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ජීප් රථයේ පසුපස ගැටී ඇති අතර මෝටර් රථ පසුපස අසුනේ සිටි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි  පුද්ගලයෙකුයි. අනතුරෙන් පසු මෝටර් රථයේ රියදුරු පලා ගොස් තිබෙනවා. ජීප් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2023 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්