මධ්‍යම සෙනගාලයේ කැෆ්රීන් නගරය ආසන්නයේදි මෙම අනතුර සිදුවුණා. ඉන් පුද්ගලයින් 38 දෙනෙකු ජිවිතක්ෂයට පත් වු අතර තවත් පුද්ගලයින් 87 දෙනෙකු තුවාල ලැබුවා.
තුවාල ලැබුවන් සියලු දෙනා රෝහල් ගත කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේදි එම බස් රථ දෙකෙහිම පුද්ගලයින් 125 දෙනෙකු සිට තිබෙනවා. සෙනගාලයේ මාර්ග අනතුරු නිරන්තරයෙන් වාර්තා වන අතර මෙම අනතුර ඉතා දරුණු අනතුරක් බවයි සෙනගාල බලධාරීන් සඳහන් කරන්නේ.