පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ආයතන 23 ක් සදහා දේශපාලන පක්ෂ දෙකක් සහ ස්වාධීන කණ්ඩායම් 5 ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පළාත් පාලන ආයතන 23 ක් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ දෙකක් සහ ස්වාධීන කණ්ඩායම් 5 ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. කොළඹ, කළුතර, මහනුවර, බදුල්ල සහ වව්නියාව දිස්ත්‍රික්වලට අදාළවයි එම ඇප මුදල් තැන්පත් කර තිබෙන්නේ. ලබන 20 වනදා දහවල් 12 දක්වා ඇප මුදල් තැන්පත්කළ හැකියි. නාමයෝජනා භාරගැනීම ලබන 18 වනදා සිට 21 වනදා දහවල් 12 දක්වා සිදුකිරීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණය සදහා හම්බන්තොට, රත්නපුර, පුත්තලම, මාතලේ සහ අම්පාර දිස්ත්‍රික්කවල පොදුජන පෙරමුණේ නියෝජිතයින් නාමයෝජනා සදහා අත්සන් තැබීම අද සිදුකෙරුණා. රත්නපුර පොදුජන පෙරමුණු අපේක්ෂකයින්ට ඉල්ලුම්පත් ලබාදීම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර නගර සභා ශ්‍රවණාගාරයේ දී සිදුකෙරුණා.
අම්පාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයින් ද ඉල්ලුම්පත් ලබාදීම සිදුකෙරුණා.
මාතලේ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණු අපේක්ෂකයින් නාමයෝජනා පත්රවලට අත්සන් කිරීම සිදුකෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන නාමයෝජනා සදහා සම්මුඛ පරීක්ෂන පක්ෂ ප්‍රධාන ප්‍රධාන කාර්යාලයේ දී අද පැවැත්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/SfChdmVw-lA”]