දේශ සීමා විවෘත කිරීමත් සමඟ හොංකොං සිට චීනයට සංචාරකයින් විශාල පිරිසක්
Related Articles
කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබු දේශ සීමා විවෘත කිරීමත් සමඟ සංචාරකයින් විශාල පිරිසක් හොංකොං සිට චීනයට පැමිණෙමින් තිබෙනවා.
වසර තුනකට පසුව හොංකොං සිට චීනයට පැමිණෙන පිරිස් නිරෝධායනයට යොමුවීම අනිවාර්ය කරමින් පනවා තිබු නීති ලිහිල් කිරීමත් සමඟ මෙලෙස විශාල පිරිසක් චීනයට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ. ගොඩබිම් සහ මුහුදු මාර්ග ඔස්සේ එම පිරිස් මෙසේ චීනයට පැමිණෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නෙ. හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ද දිගු පෝලිම් දක්නට ලැබෙන බව එරට බලධාරීන් සඳහන් කළා. චීන අයෝජකයින් පවසන්නේ මෙම කොවිඩ් ප්‍රතිපත්ති ලිහිල් කිරීම තුළින් සිය ආර්ථිකය නැවතත් ප්‍රකෘතිමත් වනු ඇති බවයි.