බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් හෙට
Related Articles
බස් ගාස්තු සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විශේෂ සාකච්ඡාවක් සඳහා බස් සංගම් කැඳවා තිබෙනවා. හෙට පැවැත්වෙන මෙම සාකච්ඡාවේදි ඩීසල් මිල අඩු කිරීම හමුවේ බස් ගාස්තු සංශෝධන පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතයි.
ඩීසල් ලීටරයක් රුපියල් 15කින් පහළ දැමීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා පියවර ගත්තා. මෙම අඩු කිරීම හමුවේ බස් ගාස්තු මිල අඩු කරන බවට අපේක්ෂා කළ ද බස් සංගම් ප්‍රකාශ කලේ මෙම අඩු කිරීම ප්‍රමාණවත් නැති බැවින් ගාස්තු වල වෙනස් සිදුකළ නොහැකි බවයි. මීට පෙර ද අවස්ථා කිහිපයක දි ඩීසල් මිල පහළ දැමුවද එම කිසිඳු අවස්ථාවක බස් ගාස්තු සංශෝධනය නොකල බවටයි ජනතාව චෝදනා කරන්නේ. කොරෝනා ව්‍යසනය හමුවේ ආසන සංඛ්‍යාවට මගීන් ගෙන යාමේ නීතියත් සමඟ ඉහළ දැමු බස් ගාස්තුව එම නීතිය ඉවත් කළද තවදුරටත් ක්‍රියාත්මකයි.
මෙම පසුබිම හමුවේ බස් ගාස්තු සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සාකච්ඡාවක් හෙට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා සියලු බස් සංගම් සහභාගී විමට නියමිතයි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදි බස් ගාස්තු අඩු කිරීම පිළිබඳ එකඟවන්නේ නැති බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සංගමය පවසන්නේ.