ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 14 යි
Related Articles
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වි අදට වසර 14ක් සපිරෙනවා.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වු ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වි වසර 14ක් සපිරුණ අද දිනයේ බොරැල්ල පොදු සුසාන භුමියේ ඔහුගේ දේහය තැන්පත් කළ ස්ථානයේදි සිහිපත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. පවුලේ ඥාතීන් මෙන්ම සන්ඩේ ලීඩර් පුවත් පතේ හිටපු මාධ්‍යවේදීන් ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගි වෙමින් මාධ්‍ය හමුවේ අදහස් පල කළා.