fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

20/20 තරගාවලියේ ජය ඉන්දියාවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2023 11:17

20/20 තරගාවලියේ ජය ඉන්දියාවට

ඉන්දු ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජය හිමිකර ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ ඊයේ පැවති තුන්වන සහ අවසන් තරගය ලකුණු 91 කින් ජය ගනිමින්.

රාජ්කෝට් හිදී ඊයේ පැවති තුන්වන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක හර්දික් පාණ්ඩ්යා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. එම තීරණය නිවැරදි බව සනාථ කරමින් ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 228 ක් රැස්කරමින් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා. එහිදී තම තුන්වන විස්සයි විස්ස ශතකයා වාර්තා කළ සූර්ය කුමාර් යාදෙව් නොදැවී ලකුණු 112 ක් රැස්කළේ පන්දු 51කට පමණක් මුහුණ දෙමින්. ඊට හයේ පහර 9 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වුණා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 137 ක් පමණයි. පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් පිළිවෙළින් ලකුණු 15 ක් හා 23 ක් ලබාගනිමින් පළමු කඩුල්ලට ලකුණු 44 ක සබදතාවක් ගොඩනැගුවා. එහෙත් මැදපෙළ යළිත් අසාර්ථකවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලකුණු හඹායාමට ඉඩකඩ ලැබුණේ නැහැ. සෑම පිතිකරුවෙක්ම පාහේ මෙල්ල කළ ඉන්දීය පන්දු යවන්නන් අඩු ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ආපසු ක්‍රීඩා ගාරයට හරවා යැවීමට සමත්වුණා. කුසල් මෙන්ඩිස් හා නායක දසුන් ශානක ලකුණු 23 බැගින් රැස්කල අතර ධනංජය සිල්වා ලකුණු 22 ක් ලබාගත්තා. ඒ අනුව ලකුණු 91 ක දැවැන්ත ජයක් හිමිකරගත් ඉන්දීය කණ්ඩායම දෙකට එකක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගැනීමට සමත් වුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2023 11:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්