fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලිෆෝනියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2023 09:11

කැලිෆෝනියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්

කැලිෆෝනියාවට තවත් සුළි කුණාටුවක අවදානමක් මතුව තිබෙනවා.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට තවත් ප්‍රබල සුළිකුණාටුවකින් බලපෑම් එල්ලවිය හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවනවා. මෙම සුළි කුණාටුව හෙට දිනයේ දී කැලිෆෝනියා ප්‍රාන්තයට ඇතුළුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලොස්ඇන්ජලීස්,  සැක්‍රමෙන්ටෝ,  සැන්ෆ්‍රැන්සිස්කෝ යන නගරවලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවටයි ඇමෙරිකා කාලගුණ මධ්‍යස්ථානය අනතුරු අගවන්නේ. මෙම නගරවල ජනතාවට හදිසි ගංවතුර,  නායයාම් සහ හිම කුණාටු තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදුවනු ඇති බව සදහන්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2023 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්