fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ථිකය ජය ගන්න මූල්‍ය ක්ෂේත්‍රය ඩිජිටල් විය යුතුයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2023 18:04

ආර්ථිකය ජය ගන්න මූල්‍ය ක්ෂේත්‍රය ඩිජිටල් විය යුතුයි

ආර්ථික ජයග්‍රහණයට ඇති හොදම මාවත වන්නේ මූල්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සංවිධාන කළ ඔරොත්තු දෙන වර්ධනය සදහා දකුණු ආසියාවේ මාවත නමින් ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති හමුවකදීයි.

යටිතල පහසුකම් හා දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව කියන කාරණා දෙක සම්බන්ධයෙන් ඇති ගෙවීම් සියල්ල නිම කළ යුතුයි. ඒ වගේ ම යටිතල පහසුකම් ස`දහා වන ගෙවීම් කාර්යක්ෂමව හා ඵලදායීව කළ යුතුයි. මෙම කාරණා දෙක මූලිකවම අපි කරන්න ඕන.

සමාජ ආරක්ෂණ වැඩසටහන් මූල්‍ය ඇතුළත් කිරීම්, බදු ගෙවීම්, බදුකරණය ලිහිල් කිරීම, වරාය ගාස්තු, දේශීය ආදායම් සහ සුරා බදු වැනි සියලූ ක්ෂේත‍්‍රවල පතුලටම මෙය ගමන කරන නිසා ඩිජිටල්කරණයට විශාල කාර්යභාරයක් ඉටු කරන්න පුඵවන්.

අපි මේ ස්ථානයට තමයි ගමන් කරමින් ඉන්නේ. මෙහි තිබෙන ප‍්‍රධාන දේ තමයි ඩිජිටල් හැ`දුනුම්පත. ශී‍්‍ර ලංකාව මූල්‍ය ක්ෂේත‍්‍රය ඩිජිටල් කරණය කිරීමට උත්සාහ ගනිමින් සිටින අවස්ථාවක් මේක.

ඒ වෙනුවෙන් නව රෙගුලාසි පවා සකස් කරමිනුයි තියෙන්නේ. ජාතික තොරතුරු පද්ධතිය ඩිජිටල්කරණය කිරීම තමයි ජයග‍්‍රහණයට තියෙන හොදම මාවත.

අපි මේ වනවිටත් යම් තරමක් ප‍්‍රමාදයි. නමුත් මෙය කිරීමට උත්සාහ කරනවා. මෙය කළායින් පසුව මෙය ඉතා වටිනා මෙවලමක් වනවා. ඒ වගේම ඒ සියලූ මූල්‍ය ගනුදෙනු ස`දහා සම්බන්ධ වනවා.

මූල්‍ය ඇතුළත් කිරීම, හා මූල්‍ය සාක්ෂරතාව හා කාර්යක්ෂමතාව වැදගත් වේ. කාර්යක්ෂමතාවට හා ඵලදායිතාවට වැදගත් වනවා. මම හිතන්නේ අනෙක් වැදගත් පැත්ත තමයි මහ බැංකුවේ ඩිජිටල් මුදල් ඒකකය.

අපි තවමත් එතනට ඇවිල්ලා නැහැ. නමුත් අපි ඒ පිළිබ`ද ඉතාම පරිස්සෙමින් කි‍්‍රයා කරනවා. මේ නිසා තමයි මම හිතන්නේ අපට තිබෙන හො`දම ජයග‍්‍රහණයේ මාවත මෙයයි කියලා.*

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2023 18:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්