පාසල් අවට මත්ද්‍රව්‍යය අලෙවි කිරීමට නොහැකිවන පරිදී නව චක්‍ර ලේඛයක් කඩිනමින්
Related Articles
පාසලේ සිට මීටර් 100ක් ඇතුළත කිසිඳු ආකාරයක මත්ද්‍රව්‍යයක් අලෙවි කිරීමට නොහැකිවන පරිදී නව චක්‍ර ලේඛයක් කඩිනමින්ම ගෙන ඒමට රජය සූදානම් වනවා.
පාසල් දරුවන් මත් රකුසාගෙන් ගලවා ගැනීම සඳහා රජයට පාසලට දෙමාපියන්ට මෙන්ම දරුවන් සතුව ද විශේෂ වගකීමක් පවතිනවා.දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ වාර්තාවන්ට අනුව දුම්වැටි හේතුවෙන් විවිධ රෝගාබාධවලට ලක්ව වසරක් තුළ මෙරට ජීවිත විසිදහසක් අහිමි වනවා. එමෙන්ම මත්පැන් හේතුවෙන් දහඅට දහසක් හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් දස දහසක පිරිසක් වසරකදී මිය යන බවයි එම වාර්තා පෙන්වන්නේ. මේ හේතුවෙන් මත්කුඩු හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා වැඩසටහන් රැසක් ආරම්භ කෙරුණා. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය දුර්වල කිරීම සඳහා ද ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. පසුගිය වසරේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් විසිදහසක් පමණ අත්අඩංගුවට ගැනීමෙන්ම මෙරට මත්ද්‍රව්‍ය සංසරණය වීම හා භාවිතයේ අවදානම පැහැදිලිවනවා. කොරෝනා වසංගතය පැවති සමයේ සංචරණ සීමා පැනවුවද මත්ද්‍රව්‍ය සංසරණයේ අඩුවක් නැති බවයි සංඛ්‍යා ලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දිනෙන් දින විශේෂ ක්‍රම භාවිත කරමින් ඒවා බෙදා හැරීමට ක්‍රියා කිරීම මීට හේතුවයි. මත්කුඩු භාවිතයේද මේ තරමටම මෙරට සමාජය විනාශ කරමින් පවතිනවා. එහි නවතම තත්ත්වය වන්නේ ඉතා සූක්ෂම අයුරින් පාසැල් දරු දැරියන් මත්කුඩුවලට ඇද ගැනීමයි. ඒ සඳහා ද ජාවාරම්කරුවන් ඉතා සූක්ෂම අයුරින් දරුවන් අතට මත්කුඩු ලබාදීම සඳහා ක්‍රමවේද භාවිත කරන බව බුද්ධි අංශ මේ වන විටත් අනාවරණය කරගෙන අවසන්. මේ හේතුවෙන් පාසල් තුල හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වනවා.
පාසල් තුලට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීම සඳහා පාසලේ සිට මීටර් 100ක් ඇතුළත කිසිඳු අයුරකින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට නොහැකිවන අයුරින් නව චක්‍ර ලේඛයක් නිකුත් කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වන්නේ. එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පූර්ණ බලතල සහිත ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායට ශක්තියක් වීම සඳහායි මෙම විශේෂ කාර්යාලය පිහිටුවීම සිදුවන්නේ.