fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අවසන් නිගමනයකට පැමිණ නැහැ

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2023 17:56

ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අවසන් නිගමනයකට පැමිණ නැහැ

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයකට පැමිණ නොමැති බව පොලිසිය පවසනවා.

ඇතැම් මාධ්‍ය මෙය සියදිවි නසා ගැනීමක් බවට ප්‍රකාශ කිරීමට උත්සාහ ගත්තද  එවැනි නිගමනයක් කරා විමර්ශකයන් තවමත් එළඹී නැති බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කළේ.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා පසුගිය මස 15 වනදා බොරැල්ල සුසාන භූමියේදී දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් හමුවුණා. එම අවස්ථාවේ දී ඔහුගේ අත්පා ගැටගසා ගෙල සිර වී තිබූ බව අනාවරණය වුණා. බොරැල්ල පොදු සුසාන භූමියේ අනාත පැත්ත ලෙස හදුන්වන ස්ථානයක දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථය නවතා තිබුණා.

ඔහුගේ සමාගමේ විධායක නිලධාරියෙකු වූ ක්‍රිෂ් පෙරේරා සහ බොරැල්ල කනත්තේ කම්කරුවෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ  දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර පැය 5කට පසුව මරණයට පත්වුණා.

ඔහුගේ ගෙල සිරවී තිබූ ඇන්ටනා කේබලය සහ අත් සිරකර තිබූ ටයි කේබලයට සමාන කේබල් කොටස් ඔහුගේ නිවසේ තිබී පරික්ෂණ නිලධාරීන්ට පසුව හමුවී තිබෙනවා.

ඔහු ඒවා මිලදී ගෙන තිබුණේ නිවසේ සේවකයෙකු මගින් බව විමර්ශනවලදී අනාවරණය වුණා.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් ෂාෆ්ටර් මහතාගේ බිරිද,නැන්දනිය ඇතුලු 84 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය කටයුතු කළා. ඊට අමතරව භෞතික හා විද්‍යාත්ම සාක්ෂි රැසක් ද විමර්ශනයට ලක්ව තිබෙනවා.

ෂාෆ්ටර් මහතා ගමන් කළ මාර්ගයේ සීසීටීවී කැමරා දර්ශන 40කින් පමණ දත්ත ලබාගෙන විශ්ලේෂණය කිරීමට මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කටයුතු කළා. කෙසේ වෙතත් පොලිසිය සදහන් කළේ සියලු සාක්ෂි විශ්ලේෂණය කිරීම තවමත් සිදුවන බවයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2023 17:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්