ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කෙරේ
Related Articles
ඇමෙරිකා ඩොලර් බිලියනයක අපනයන අදායමක් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් උපයාගන්නා බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ෆැසෙට්ස් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කොළඹදී විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.ජාතික මැණික් හා ස්වරර්ණාභරණ අධිකාරිය මෙන්ම ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංවිධානය සමග එක්වයි මෙය සංවිධාන කළේ.
රටවල් රැසකින්ම ප්‍රදර්ශනය නැරඹීමට හා මැණික් හා ස්වරර්ණාභරණ මිලදී ගැනීමට එක්ව සිටියා.
මෙරට නිල්මැණික් සදහා විශේෂ ඉල්ලුමක් පවතින බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී කියා සීටියේ. ෆැසෙට්ස් ශ්‍රී ලංකා සභාපති අල්ටාෆ් ඉක්බාල් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.