දුඹුරු සීනි ආනයනයකරුවන් කිහිප දෙනෙකු නීති උල්ලංඝණය කරයි
Related Articles
දුඹුරු සීනි ආනයනයේදී ආනයනයකරුවන් කිහිප දෙනෙකු අදාළ නීති උල්ලංඝණය කොට ඇති බවට රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා චෝදනා කළා.අදාළ චූදිතයන්ට නීත්‍යානුකූල පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
රුපියල් මිලියන 241 ක වටිනාකමින් යුත් මෙරටට ආනයනය කරන ලද සීනි තොගයක් පෑලියගොඩ පුද්ගලික ගබඩාවක තිබියදී රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද නිරීක්ෂණය කළා.
එහි සීනි මෙට්‍රික් ටොන් 1200 ක් තිබූ අතර එම තොගයෙන් හරි අඩක්ම නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුඹරු සීනී බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ.