ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් T20 තරගය අද
Related Articles
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තුන්වන හා අවසන් 20-20 ක්‍රිකට් තරගය රාජ්කොට්හිදී අද පැවැත්වෙනවා.
මුම්බායිහි පැවති පළමු තරගය ඉන්දීය කණ්ඩායම ලකුණු 2 කින් ජයග්‍රහණය කළ අතර පූනෛහි පැවති දෙවන තරගය ලකුණු 16 කින් ජයගත්‌තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ අනුව අද පැවැත්වෙන තරගය ජයගන්නා කණ්ඩායම තරගාවලියේ ජය හිමිකරගන්නවා.කණ්ඩායම් දෙකම වෙනස්කම්වලින් තොරව අද තරගයට එක්වීමට බොහෝවිට ඉඩකඩ පවතිනවා. ඉන්දීයාව සිය මව් රටේදී 20-20 තරගාවලියක් අවසන්වරට පරාජය වී තිබෙන්නේ 2019 වසරේදීයී. ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී 20-20 තරගාවලියක් මෙතෙක් ජයග්‍රහණය කර නැහැ. ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ පිතිහරඹය කෙරෙහි ඉන්දීය කණ්ඩායම වැඩි අවධානය යොමු කර තිබෙන බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතයි.