fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජනපදයේ පාසලක 6 හැවිරිදි සිසුවෙක් වෙඩි තැබීමක් සිදු කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2023 10:35

එක්සත් ජනපදයේ පාසලක 6 හැවිරිදි සිසුවෙක් වෙඩි තැබීමක් සිදු කරයි

එක්සත් ජනපදයේ පාසලක 6 හැවිරිදි සිසුවෙක් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

එක්සත් ජනපදයේ නැගෙනහිර වර්ජනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක පන්ති කාමරයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් ගුරුවරයෙකුට බරපතල තුවාල සිදුව තිබෙනවා.

පාසලේ අනෙක් කිසිදු  සිසුවෙකුට වෙඩි තැබීමෙන් හානි සිදුව නැහැ. වෙඩි තැබීමට ලක්ව ඇත්තේ 30 හැවිරිදි ගුරුවරියක්. පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීම 6 හැවිරිදි සිසුවා විසින් හිතා මතාම සිදු කරන ලද්දක්  බවයි.

ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ පසුගිය වසරේ මරණ 44,000 ක් සිදුව ඇති අතර ඉන් අඩක් මිනීමරුම් බව වාර්තා වනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2023 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්