හිගුරක්ගොඩ මින්නේරිය ප්‍රධාන මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Related Articles
හිගුරක්ගොඩ මින්නේරිය ප්‍රධාන මාර්ගයේ උල්පත් ඇල වංගුවේදී සිදුවූ මාරක රිය අනතුරකින් වයස අවුරුදු 52ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඩිෆෙන්ඩර් රථයක් යතුරුපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ. මියගිය පුද්ගලයා මින්නේරිය අක්කර 70 ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වනවා. උල්පත් ඇල වංගුව ස්ථානය නිරත මාර්ග අනතුරු සිදුවන ස්ථානයක් බව අප වාර්තාකරුවන් සඳහන් කළා. ජනතාව දැනුවත් කිරීමේ නාමපුවරු ප්‍රදර්ශනය කර තිබුණ ද රියදුරන්ගේ අපරික්ෂාකාරී බව නිසා අනතුරු ඉහළ ගොස් තිබෙනවා.