fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් කිලෝග්‍රෑම් 23 යි ග්‍රෑම් 235 ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2023 09:27

හෙරොයින් කිලෝග්‍රෑම් 23 යි ග්‍රෑම් 235 ක් අත්අඩංගුවට

බහුදින ධීවර යාත්‍රාවක් තුළ ඉතා සූක්ෂම අයුරින් සගවාගෙන එන ලද හෙරොයින් කිලෝග්‍රෑම් 23 යි ග්‍රෑම් 235 ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වුණා.

මෙම හෙරොයින් තොගය සමග සැකකරුවන් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිස්ස ධීවර වරායට ආසන්න මුහුදු තීරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවුණේ. නාවික හමුදා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙහෙයුම සිදු කෙරුණා.

වැඩිදුර විමර්ශන සදහා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා. සැකකරුවන් මිරිස්ස, කඹුරුගමුව සහ පිටිගල ප්‍රදේශවල පදිංචිකරුවන්.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2023 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්