fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුදල් ආරවුලක් මුල් කරගනිමින් පැහැරගත් දරුවා සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2023 12:07

මුදල් ආරවුලක් මුල් කරගනිමින් පැහැරගත් දරුවා සොයා ගැනේ

මත්කුඩු ජාවරාමකට අදාළව  ඇති වූ මුදල් ආරවුලක් මුල් කරගනිමින් පැහැරගත් කුඩා දරුවා පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගත්තා.

ග්‍රෑන්ඩ්පාස් රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ හෙරොයින් අලෙවි කරන කාන්තාවක් මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට කලක් පුරා මත්කුඩු අලෙවි කිරීම සිදු කර තිබෙනවා.

එම මත්කුඩු සදහා මුදල් නොගෙවීම හේතුවෙන් මීගමුව ප්‍රදේශයේ  අදාළ පුද්ගලයාගේ වයස අවුරුදු 10 ක් වන දරුවකු පැහැරගෙන තිබෙනවා.

ඒ මීගමුව අධිකරණය අසලදීයි. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක කාන්තාවක අත්අඩගුවට ගෙන විමර්ශන ක්‍රියාත්මක කෙරුණා.

ඒ අනුවයි ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල රන්දිය උයන මහල් නිවාසයක සිටි දරුවා සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකි වුණේ. වැඩිදුර විමර්ශන සදහා දරුවා ග්‍රෑන්ඩ් පාස් පොලීසිය වෙත භාරදී තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2023 12:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්