බානගල උපතිස්ස ස්වාමීන්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක්
Related Articles
ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන්වහන්සේගේ 73 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.
මහාබෝධී විහාරයේ සභාපති හා ජපානයේ ලංකා ජී විහාරයේ විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේ මෙරට ආගමික හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළා.
දෙරට අතර සබදතා තවත් ශක්තිමත් කිරීමටද උන්වහන්සේගේ සේවාව ඉවහල් වුණා. පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ සුබපැතුම් පණිවුඩය ඉදිරිපත් කළේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතායි.
අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. එමෙන්ම ජපානයේ නියෝජිතයන් මෙන්ම එරට සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද මෙම වැඩසටහනට එක්ව සිටියා.