සේපාල ස්වර්ණකුමාර මහතා අත්අඩංගුවට
Related Articles
දළදා වහන්සේට සහ බුදුදහමට නිගාවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ සේපාල ස්වර්ණකුමාර අමරසිංහ නැමැත්තා අත්අඩංගුවට ගැණුණා.
මේ අතර ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කරන බවට මහානායක ස්වාමීන්වහන්සේ සිදුකළ දැනුම්දීමට අනුව ඒ පිළිබද කඩිනමින් පරීක්ෂණයක් අරඹන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට නියෝග කළා.
සේපාල අමරසිංහ නැමැත්තා ශ්‍රී දළදා වහන්සේට සහ බුදුදහමට නිගාවන අයුරින් කටයුතු කිරීම තුළින් නීතිමය වරදක් සිදුකර ඇති බැවින් පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහුව අත්අඩංගුවට ගත්තා. බෙල්ලන්විල ප්‍රදේශයේ සිටියදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තතේ . අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මේ අතර කුරුණෑගල වදාකඩ පාර පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කෙරෙමින් පවතින බවට මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේ හා දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා කළ දැනුම්දීමකට අනුව ඒ පිළිබද කඩිනමින් විමර්ශන සිදු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට නියෝග කළා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ වහාම විමර්ශණ අරම්භ කළ බවත් සහකාර පොලිස් අධිකාර්වරයෙකුගේ අධික්ෂණය යටතේ විමර්ෂණ කණ්ඩායම් දෙකක් මේ වන විටත් එම ස්ථානවලට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොල්ස්පතිවරයා සදහන් කරනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ වගකීම රජය තු බව මහානායක ස්වාමින්වහන්සේ හා දියවඩන නිලමේ වරයා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වෙනවා.
මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය බවයි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල,අස්ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඥාණරතන යන ස්වාමීන්වහන්සේ මෙන්ම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලා සිටින්නේ