රුසියානු ජනපති පැය 36ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරයි
Related Articles
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැය 36ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එය සිකුරාදා සිට සෙනසුරාදා දිනය අවසානය දක්වා ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් යුක්‍රේනය පුටින්ගේ මෙම සටන් විරාමය ප්‍රතික්ෂේප කර තිබෙනවා. සටන් විරාමය රුසියාව විසින් සිදුකරන ප්‍රහාරක හා ආරක්ෂක මෙහෙයුම් දෙකමට අදාල වේද යන්න පැහැදිලිව සඳහන් කොට නැහැ. යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ රුසියානු සෙබලුන් යුක්‍රේනයේ සිටින තාක් සාමය බලාපොරොත්තු විය නොහැකි බවයි. සටන් විරාමය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ පුටින්ගේ සටන් විරාමය හුස්ම ගැනීමට ඔක්සිජන් සෙවීමේ ක්‍රියාවකට සමාන බවයි. සටන් විරාමය සම්බන්ධයෙන් යුරෝපා කවුන්සිලය පවසන්නේ ඒක පාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම නීති විරෝධී සහ ව්‍යාජ එකක් බවයි.