හංවැල්ලේදී පොලීසියට වෙඩි තැබූ සැකකරුට වැඩ වරදී
Related Articles
හංවැල්ල ප්‍රදේශයේ සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදි සිදු වූ වෙඩි හුවමාරුවකදී එම සැකකරු මිය ගියා.
හංවැල්ල පොලිස් වසමේ දිද්දෙනිය කිඹුල්බෙනය ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් අද අලුයම මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
පොලීසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී මෙම සැකකරු තුවාල ලැබුවා. ඔහු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. වයස අවුරුදු 32 ක් වන මොහු දෙල්වල පිටකන්ද උඩකරවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
හංවැල්ල හරස්පාර ප්‍රදේශයේදී පසුගිය 18 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරු මෙසේ මිය ගිය බවයි පොලීසිය සදහන් කරන්නේ.