fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IMF මුල්‍ය පහසුකම මේ වසර මුලදී

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2023 19:17

IMF මුල්‍ය පහසුකම මේ වසර මුලදී

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලබාදෙන මුල්‍ය පහසුකම මේ වසර මුලදි ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ආර්ථික ස්ථාවරභාවය සදහා සාමාජයේ සෑම අයෙකුගේම සහ සෑම අංශයකම සහාය අවශ්‍ය බවයි මහ බැංකුව අවධාරණය කරන්නේ.

දැඩි විදේශ විනිමය හිගය මධ්‍යයේ තෝරාගත් විදේශීය ණය නැවත ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. අත්‍යවශය ආනයන පාලනය කරමින් විදේශ මුදල් රටින් ගලා යාම තවදුරටත් පාලනය කෙරුණා.

ඉන්ධන, ගල් අගුරු ,ගෑස්,ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ආනයනය සදහා විදේශ විනිමය ලබා ගැනීම සහතික කිරීම තුලින් සාමාජ ආර්ථික නොසන්සුන්තාව පාලනය කර ඇති බවයි මහ බැංකුව පවසන්නේ.

ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම ද සිදු කෙරෙමින් පවතිනවා. මේ වසර සහ ඉදිරිය සදහා ආර්ථික ස්ථායිතාව පවත්වාගෙන යාමට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ප්‍රධාන අපේක්ෂාවක් වන්නේ උද්ධමනය පාලනය කරමින් ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමයි.

පසුගිය වසරේදි සියයට අටකින් හැකිලුනු ශ්‍රී ලංකා ආර්ථිකය මේ වසරේ දෙවන භාගයේ සිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වී වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂාවයි.

අවශ්‍ය ප්‍රතිපත්ති හා නියාමන ක්‍රියාමාර්ග තුළින් සිය අරමුණු ඉටුකර ගැනීම මහ බැංකුවේ අපේක්ෂාවයි. ඉදිරි ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරමින් නිවැරදි කිරිමේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග නිසි පරිදි ක්‍රියාත්මක කරන බව මහ බැංකුව පවසනවා.

පොලී අනුපාත ඉදිරියේදි පහළයා හැකි නමුත් උද්ධමනය සැලකිය යුතු ලෙස පාලනය වන තෙක් මුදල් තත්ත්වයන් දැඩිව පවත්වා ගැනීම අපේක්ෂාව බවයි ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2023 19:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්