fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රවීන රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2023 20:40

ප්‍රවීන රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහතා 83 වන වියේ පසු වුනා.

ගාල්ල හීනටිගල ප්‍රදේශයේ දී උපත ලැබූ බුද්ධි වික්‍රම මහතා හීනටිගල සාරිපුත්‍ර විද්‍යාලයෙන් සහ ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා. තාරාදේවි, සුසීමා, දූ දරුවෝ, අඹ යාළුවෝ වැනි රූපවාහිනි නාට්‍යවල චරිත රගදක්වමින් ඔහු ජනතා හදවත් දිනා ගත්තා.

අන්දරේ, ප්‍රරස්ථාව, මන රංජන වැඩ වර්ජන, ජනේලය, ශ්‍රී වික්‍රම වැනි වේදිකා නාට්‍යවලද ඔහු රගපා තිබෙනවා. වැලිකතර, සැඩොල්කදුළු, සාම ආදී චිත්‍රපටවලටද ඔහු රංගනයෙන් දායක වුනා. කලක් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේද බුද්ධි වික්‍රම මහතා සේවය කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2023 20:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්