රජයේ ප්‍රමුඛ අරමුණ යහපත් විදේශ ප්‍රතිපත්තියක් ඇති කරගැනීම බව ජනපති පවසයි
Related Articles
රජයේ ප්‍රමුඛ අරමුණක් වන්නේ යහපත් විදේශ ප්‍රතිපත්තියක් ඇති කරගැනීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
විදෙස් රටවල් සමග මිත්‍ර සබදතා වර්ධනය කර ගනිමින් රට යළි ගොඩනැගීම එහි මූලික ඉලක්කයක් බවද ජනාධිපතිතුමා සදහන් කළා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දූත මණ්ඩල සේවාව සදහා පිටත්ව යන නව තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 11 දෙනෙකු හමු වූ අවස්ථාවේදීයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව පැවැත්වුණා.
රට නැවත ගොඩනගන ගමනේදී විදේශ රටවල සහාය ලබා ගැනීමට කැපවීමෙන් කටයුතු කරන ලෙසයි ජනාධිපතිතුමා විදේශ සේවය සදහා පිටව යන නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ 2030 වසර සදහා වන විදේශ සේවය සම්බන්ධ කෙටුම්පතක් මේ වන විටත් සකස් කරමින් සිටින බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.
වානිජ දෙපාර්තමේන්තුව වෙනුවට ජාත්‍යන්තර වෙළෙද කාර්යාලයක් මෙරටදී ස්ථාපිත කිරීමට නියමිතයි. විදෙස් රටවල් සමග වෙළෙද සබදතා පුළුල් කර ගනිමින් ආයෝජන අවස්ථා ඉහළ නංවා ගැනීම එහි ප්‍රධාන ඉලක්කයක් වනවා.
ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, බහරේන්, වියට්නාමය, ඊශ්‍රායලය ඇතුළු රටවල් ගණනාවක් සදහා නව තානාපතිවරුන් පත් කර තිබෙනවා.