මාදූව විදුහලට ගමන් කිරීමට පාලමක් ඉල්ලන ගුරුවරුන් සහ දෙමව්පියන්
Related Articles
මාදු ගගේ පිහිටි මාදූව විදුහලට ගමන් කිරීමට නව පාලමක් ඉදිකර දෙන ලෙස ගුරුවරුන් සහ දෙමව්පියන් ඉල්ලා සිටිනවා. දැනට භාවිත කරන අබලන් පාලමෙන් ගමන් කිරීම බරපතළ අවදානම් කාර්යයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අම්බලන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයට අයත් බලපිටිය මාදු ගගේ පිහිටි මාදුව විදුහල වසර එකසිය විසිපහක් පැරණි පාසලක්. පාසලට යාම සදහා ඇති පාලම මේ වන විට ඉතා අබලන් තත්ත්වයකයි පවතින්නේ.
ගුරුවරුන් දිනපතා එම පාසලට පැමිණෙන්නේ ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන බෝට්ටුවක් උපයෝගී කරගනිමින්.
පාලම ඔස්සේ යතුරු පැදියකට යම්තරමකින් හෝ ගමන් කිරීමට හැකියාව පැවතුනද අනතුරක් සිදුවීමේ ප්‍රවණතාව ඉහළ මට්ටමක පවතිනවා.
යතුරු පැදියකින් ගමන් ගත් ගුරුවරයෙකු පසුගියදා අබලන් පාලමෙන් ගගට වැටුණු අතර ඔහුගේ ජීවිතය බේරා ගත්තේ දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි. දූපතේ ජීවත් වන පවුල් 250 කට මෙන්ම මාදු ගගේ ධීවර කටයුතුවල යෙදෙන පිරිසටද මේ හේතුවෙන් දුෂ්කරතා පැන නැගී තිබෙනවා.
පාසලේ සිසුන් 96 දෙනෙකු අධ්‍යාපනය හදාරන අතර අබලන් පාලම වෙනුවට නව පාලමක් සකස් කර දෙන ලෙසයි දූපත්වාසීන් ඉල්ලා සිටින්නේ.
දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන හදාරන සිසුන්ට චීන රජය පාසල් උපකරණ ලබාදීමට කටයුතු කළා. ඒ සදහා යොදා ගැනුණේද බෝට්ටුවක් හා දූපතේ ඇති එකම අත්ට්‍රැක්ටරයයි. ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික උපදේශක ෂෙන් යැංග් බව් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.