fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩයනාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන්න – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් CIDයට නියෝග

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2023 12:18

ඩයනාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන්න – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් CIDයට නියෝග

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වා ගෙන විමර්ෂණ සිදු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

අධිකරණය මෙම නියෝගය සිදු කලේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් යන අය ඉදිරිපත් කල පැමිණිල්ලක් කැදවු අවස්ථාවේයි. ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ බව පවසමින් ඒ පිළිබද විමර්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලිමිනුයි මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ.

අදාළ තානාපති කාර්යාල වාර්තාව ලැබිමෙන් පසු නඩුවට අදාළ නියෝග නිකුත් කිරීම අධිකරණයට පහසුවන බව මහේස්ත්‍රාත්වරයා සදහන් කළා. එතෙක් අදාළ තැනැත්තිය අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස නියෝග කිරීම සුදුසු නොවන බවයි මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ.

ඩයනා ගමගේ යනු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධිව රැදී සිටින බව පැමිණිල්ලේ නීතිඥවරයා සදහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදි ප්‍රකාශ කලේ ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය පිළිබදව බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා තිබුණද එය මෙතෙක් නොලැබුණු බවයි.

රාජ්‍යත්‍රාන්තික මට්ටමෙන් අදාළ වාර්තා ගෙන්වා ගැනීමට අවශ්‍ය ඉල්ලීම අධිකරණ අමාත්‍යාංශය හරහා එම තානාපති කාර්යාලය වෙත යොමු කර ඇති බවද එම නිලධාරීන් පැවසුවා.

පැමිණිල්ල නැවත පෙබරවාරි 09වනදා කැදවීමටයි නියෝග කෙරුණේ. ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කැලුම් කුමාරසිංහ මහතා පැවසුවේ මෙය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි.

තම සේවාදායිකාව විසිවන සංශෝධනයට පක්ෂව පාර්ලිමේතුවේ ඡන්දය ප්‍රකාශ කිරිමෙන් පසු සමගි ජන බලවේගය – ඔෂල හේරත් සහ හිටපු ආගමන විගමන පාලකවරයා එක්ව සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙම පැමිණිල්ල අධිකරණයට පැමිණ ඇති බවට ද ඔහු චෝදනා කළා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2023 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්