පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රජයේ සේවකයන්ට අද සිට අයදුම් කළ හැකි වනවා.
බණ්ඩාරවෙල මහනගර සභාව සදහා ස්වාධීන කණ්ඩායමක් ඇප තැන්පත් කළා.
පළාත් පාලන ආයතන තුන්සිය හතලිහේ ඡන්ද විමසීමට අදාළව තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරිම සදහා රජයේ සේවකයන්ට මේ අනුව අයදුම් කිරීමේ අවස්ථාව අද සිට සළසා දී තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරන්නේ ලබන 23 වනදා මධ්‍යම රාත්‍රී 12න් එම කාලසීමාව අවසන් වන බවයි.
එමෙන්ම තැපැල් ඡන්ද අයදුම් කළ හැකි දිනය කිසි ලෙසකින්වත් යළි දීර්ඝ නොකරන බවද එම කොමිෂන් සභාව සදහන් කරනවා. පළාත් පාලන ඡන්ද වීමසීමට අදාළව නාමයෝජනා කැදවීම ලබන 18 වනදා සිට 21 වනදා දක්වා සිදු කෙරෙනවා.
ඊයේ දිනයේ සිට මීට අදාළව ඇප මුදල් තැන්පත් කිරීමට ද අවස්ථාව උදා වුණා. ඒ අනුව බණ්ඩාරවෙල මහනගර සභාව සදහා ස්වාධීන කණ්ඩායමක් ඇප තැන්පත් කළා.
මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරන්නේ ලබන 28 වනදා දහවල් 12 දක්වා දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි.