fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊයේ දිනට වැඩිම කොරෝනා ආසාදිතයින් ජපානයෙන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2023 09:09

ඊයේ දිනට වැඩිම කොරෝනා ආසාදිතයින් ජපානයෙන්

ගත වූ පැය 24 ට ලොව පුරා රටවල් 228 කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ හැට දහසකනට ආසන්නයි.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 1256 ක්.

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව එක්ලක්ෂ පන් දහසකට ආසන්නයි.එමෙන්ම දකුණු කොරියාවෙන් තැත්තෑ අට දහසක්.

ඇමෙරිකාවෙන් තිස් නවදහසක් හා තායිවානයෙන් තිස් තුන් දහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.ගත වූ පැය 24ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 346 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.

ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැට හත් ලක්ෂ හාර දහසමකට ආසන්න වනවා. හමුවී ඇති වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව හැට හය කෝටි හැට හය ලක්ෂයකට ආසන්නයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2023 09:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්