කොරෝනා වෛරසයේ XBB.1.5 ඔමික්‍රෝන් උප ප්‍රභේදය ප්‍රභල වෙයි
Related Articles
කොරෝනා වෛරසයේ 1.5 ඔමික්‍රෝන් උප ප්‍රභේදය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
මේ වනවිට ලොව රටවල් රැසක කොරෝනා වෛරස ආසාදිතයන්ගේ ඉහළ යෑමක් සිදුවී ඇත්තේ XBB.1.5 ඔමික්‍රෝන් උප ප්‍රභේදය හේතුවෙන්.
ඇමෙරිකාවේ වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන්ගෙන් සියයට 40 කට ආසාදනය වී ඇත්තේ XBB.1.5 ඔමික්‍රෝන් උප ප්‍රභේදය බවයි ඇමෙරිකා රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ වෛද්‍ය පර්යේෂකයන් පවසන්නේ.
මේ වනවිට චීන ජනගහනයෙන් සියයට 70 කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඔවුන්ගෙන් වැඩි පිරිසකට ආසාදනය වී ඇත්තේ ද XBB.1.5 ඔමික්‍රෝන් උප ප්‍රභේදය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊට අමතරව තවත් ඔමික්‍රෝන් උප ප්‍රභේද තුනක් චීනයේ ව්‍යාප්ත වනවා.
මේ අතර ඉන්දියාව, සිංගප්පූරුව ආදී රටවලින් ද XBB.1.5 ඔමික්‍රෝන් උප ප්‍රභේදය වාර්තා වී තිබෙනවා.
මෙම උප ප්‍රභේදය කොවිඩ් 19 වයිරසයට එරෙහිව සිරුරේ ඇතිවන ප්‍රතිදේහවලට ප්‍රතිරෝධයක් දැක්වීම හේතුවෙන් වඩාත් සැලකිල්ලක් දක්වන ලෙසයි ඇමෙරිකානු සෞඛ්‍ය අංශ පවසන්නේ.
එමෙන්ම කොවිඩ් 19 සඳහා ලබා දුන් එන්නත් සහ බූස්ටර් එන්නත්වලින් ලැබුණු ප්‍රතිශක්තියත් අඩපණ කිරීමට මෙම ඔමික්‍රෝන් උප ප්‍රභේදය සමත් වී ඇති බව ද තහවුරු වී තිබෙනවා.