උදැල්ලකින් පහරදී සිව්දරු මවක ඝාතනය කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කහටගස්දිගිලිය ඊතලවැටුණු වැව ප්ර දේශයේ කුඹුරු යායකදි මෙම පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
කුඹුරට ජලය සැපයීමේදි ඇති වු බහින් බස්වීමක් මත සැකකරු මෙම සිව්දරු මවට උදැල්ලකින් පහරදී තිබෙනවා.
හිසට බරපතල තුවාල සිදුවීමෙන් පහරකෑමට ලක්වු කාන්තාව එම ස්ථානයේදිම මියගොස් ඇති බවයි මූලික පරීක්ෂණවලදි හෙළිවුනේ.
ඝාතනය සිදු කළ සැකකරු පොලිස් අත්අඩංගුවට ගැණුනු අතර ඔහු 31ක් හැවිරිදි වියේ පසුවන මියගිය කාන්තාවගේ ඥාතියෙකුවනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණ කහටගස්දිගිලිය මසේත්රාත් විමල් වීරසිංහ මහතා සිදුකල අතර කහටගස්දිගිලිය පොලිස් ස්ථථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඊ එස් අබේසේකර මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ෂන ක්රියාත්මකයි.