හොලිවුඩ් නළු ජෙරමි රීනර් සුව අතට
Related Articles
හොලිවුඩ් නළු ජෙරමි රීනර් සුව අතට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිය නිවසේ ඉදිරිපිට හිම තට්ටු ඉවත් කරමින් සිටියදී, හිම තට්ටු ඉවත් කිරීමේ ස්නෝව් කැට් යන්ත්‍රයට යටවීමෙන් මෙම අනතුර සිදු වුණා.
රීනර්ගේ එක් පාදයක් යන්ත්‍රයට හසුවී ඇති අතර ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කෙරුණා. රීනර්ගේ තත්ත්වය බරපතල වුවත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබෙනවා.
කෙසේවෙතත් ඔහු සමාජ මාධ්‍ය වෙත පොස්ටුවක් එක් කරමින් ඔහුගේ රසික රසිකාවියන්ට ස්තූතිය පළ කර තිබෙනවා.
51 හැවිරිදි රීනර් ලොව පුරා ජනප්‍රිය චරිතයක් බවට පත් වුයේ මාවල් ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවේ ‘හෝක් අයි’ගේ චරිතය නිරූපණය කිරීමෙන්.