නාලක ද සිල්වාට එරෙහි නඩුව මැයි 31ක් වනදා කැඳවේ
Related Articles
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව පවරා ඇති නඩුව මැයි 31ක් වනදා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් මෙන්ම පොලිස් අධිකාරිවරයෙකු ඝාතනයට කුමන්ත්‍රණ කළ බවටයි නාලක ද සිල්වා මහතාට චෝදනා එල්ල වී ඇත්තේ.
සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින නාලක ද සිල්වා මහතාට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් මත මැයි 31 වනදා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළා.
නඩුව විවෘත අධිකරණයේ කැඳවු අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදුන් අතර සැකකාර නාලක ද සිල්වා මහතා ද අධිකරණයේ හමුවේ පෙනී සිටියා.
කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළ නඩු ගොනුව නීතිපතිවරයාගේ උපදෙස් සදහා යොමු කර ඇති බවයි.