fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2022 වසරේ සංචාරකයින් හත්ලක්ෂයකට වැඩි පිරිසක් දිවයිනට

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2023 17:41

2022 වසරේ සංචාරකයින් හත්ලක්ෂයකට වැඩි පිරිසක් දිවයිනට

2021 වසරට සාපේක්ෂව 2022 වසරේ දී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ පහකට අධික සංඛ්‍යාවකින් ඉහළ ගොස් තිබෙනවා.

2022 වසර ශ්‍රී ලංකාවට පරිවර්තනීය වසරක් බවට පත්වුණා. එහිදී ගෑස්,  ඉන්ධන හා විදුලි අර්බුදය  හමුවේ මෙරට ජනතාවට විවිධ ගැටලුවලට මුහුණදීමටයි සිදුවුණේ. එවන් පසුබිමක් තුළ විවිධ පාර්ශ්ව යෝජනා කළේ රටේ මතුව ඇති ගැටලුව විසදීම සදහා හොදම විසදුම සංචාරක කර්මාන්තය දියුණු කිරීම බවයි. ඒ හේතුවෙන් අදාළ බලධාරීන් මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒ අනුව පසුගිය වසරේ දී සංචාරකයින් 719,997 ක් මෙරටට පැමිණ තිබෙනවා. 2021 වසරේ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 194,000 ක් පමණයි. එවන් පසුබිමක් තුළ සංචාරක කර්මාන්තයේ විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ. පසුගිය වසරේදී මෙරටට වැඩි වශයෙන් පැමිණ ඇත්තේ ඉන්දීය සංචාරකයින්. ඒ 123,000 ක්. එමෙන්ම රුසියාවෙන් 91,000 ක් මහා බ්‍රිතාන්‍යයෙන් 85,187 ක් සහ ජර්මනියෙන් 55,000 ක් සංචාරකයින් පැමිණ තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2023 17:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්