තේ සහ එළවළු සදහා විශේෂිත මිශ්‍ර පොහොරක්
Related Articles
තේ සහ එළවළු සදහා විශේෂිත මිශ්‍ර පොහොරක් හඳුන්වාදීමට කොමර්ෂල් පොහොර සමාගම පියවර ගෙන තිබෙනවා. එම පොහොර හදුන්වාදීම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ දී අද සිදුකෙරුණා.
වී සහ බඩඉරිගු වගාවන් සදහා යූරියා සහ එම් ඕ පී පොහොර ලබාදුන්න ද තේ, එළවළු සහ අල වගාව සදහා පොහොර ලබානොදීම සම්බන්ධයෙන් රජයට ගොවීන්ගෙන් චෝදනා එල්ලවුණා. ඒ හේතුවෙන් තේ සහ එළවලු සදහා විශේෂ මිශ්‍ර පොහොරක් සැකසීමට කොමර්ෂල් පොහොර සමාගමට සහ අර්තාපල් සදහා විශේෂ මිශ්‍ර පොහොරක් සකස් කිරීමට ලංකා පොහොර සමාගමටත් භාරදීමට අමාත්‍යවරයා පියවර ගත්තා. ඒ අනුව කොමර්ෂල් පොහොර සමාගම සකස් කළ විශේෂිත මිශ්‍ර පොහොර හදුන්වාදීමට අද කටයුතු කෙරුණා. මේ වනවිටත් මෙම පොහොර මෙට්‍රික් ටොන් 200 ක් නිෂ්පාදනය කර ඇති අතර මෙට්‍රික් ටොන් 6,000 ක් නිෂ්පාදනය කිරීම ඉලක්කය වී තිබෙනවා.