fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්පැන් හා දුම්වැටි බදු ඉහළට

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2023 17:06

මත්පැන් හා දුම්වැටි බදු ඉහළට

අද මධ්‍යම රාත්‍රි යේ සිට සියලුම වර්ගවල මත්පැන්,  වයින්, බියර් ආදී නිෂ්පාදන සදහා වන නිෂ්පාදන බද්ධ සියයට විස්සකින් ඉහළ දමා තිබෙනවා.

දුම්වැටි බද්ධ ද ඉහළ දැමීමටයි රජය පියවර ගෙන ඇත්තේ.

සාමාන්‍ය දුම්වැටියක බද්ධ ද සියයට 20කින් ඉහළ දමා  ඇති අතර විශේෂ වර්ගයේ දුම්වැටියක නිෂ්පාදන බද්ධ සියයට 98කින් ඉහළ දමා ඇති බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සදහන් කර තිබෙනවා.

මේ අනුව මිලිලීටර 750 ක දේශීයව නිෂ්පාදිත අරක්කු බෝතලයක මිල රුපියල් 206කින් ඉහළ යනවා. විදේශීය මත්පැන් බෝතලයක මිල ඉහළ යන්නේ රුපියල් 266කින්. සියයට 4.8ක සැර ප්‍රතිශතයකින් යුත් බියර් මිලිලීටර 625 කෑන් එකක මිල රුපියල් 21කින්ද සැර ප්‍රතිශතය සියයට 8.8 ක බියර් කෑන් 1ක මිල රුපියල් 39කින්ද ඉහළ යනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2023 17:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්