දියගම කාර්මික විද්‍යාල නේවාසිකාගාරය තුළ සිසුවෙකු මියගොස් සිටියදී සොයා ගැනේ
Related Articles
හෝමාගම, දියගම ප්‍රදේශයේ පිහිටි කාර්මික විද්‍යාලයක සිසුවෙකු නේවාසිකාගාරය තුළදී සැක කටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.
මියගිය සිසුවා පොතුහැර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන අයෙකි.
මෙම සිසුවා 2023 ජනවාරි 01 වැනි දින නිවාඩුව නිමවී ආපසු පැමිණ ඇති අතර ඔහුගේ නේවාසික මිතුරා තවමත් ආපසු නොපැමිණීම නිසා නේවාසිකාගාරයේ තනිවම නැවතී තිබෙනවා.
පසුදා දහවල් වන විටත් ඔහු කාමරයෙන් එළියට නොපැමිණි නිසා ඔහුගේ තවත් මිතුරෙකුට ඔහු නේවාසිකාගාරයේ ඇඳ මත නිදා සිටිනු දැක තිබෙනවා.
ඔහු අවදි වන ලෙස තම මිතුරාගේ ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වූ පසු, ඔහු අවදි කිරීමට සිසුවා වෙත ළඟා වූ අතර, ඔහුගේ ශරීරය සීතල වී ඇති බව මිතුරාට වැටහුණා.
අනතුරුව මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුවත් කර ඇති අතර පසුව ඔහු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රෝහලේ වෛද්‍යවරු දේහය පරීක්‍ෂා කර ඔහු මියගොස් ඇති බව ප්‍රකාශ කළා.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම රෝහලේදී සිදුකිරීමට නියමිතයි.
කහතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.