fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පලාත් පාලන ඡන්ද විමසීම අත්හිටුවීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2023 13:45

පලාත් පාලන ඡන්ද විමසීම අත්හිටුවීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රීට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා ඇතුළු එහි සාමාජිකයින් අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා,  නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම්කරු කියා සිටින්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව දැරීමට සිදුවන වියදම පිළිබදව තමන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනත යටතේ මැතිවරණ කොමිසමෙන් විමසූ බවයි. ඒ අනුව මැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10ක් වැය වන බවට කොමිසම දැනුම් දුන් බව පෙත්සම්කරු පවසනවා. රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුළ මතයක් නිර්මාණය වී ඇති බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2023 13:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්