fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2023 10:47

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද

2023 වසරේ ක්‍රිකට් තරග අරඹමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමඟ මුම්බායිහිදී අද තරගබිමට පිවිසෙනවා. ඒ දෙරට අතර පළමු පන්දුවාර විස්සයි විස්ස තරගයට එක්වෙමින්.

තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7 ට මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භවීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක මෙහෙයවන අතර ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ හර්දික් පාණ්ඩ්‍යාටයි. ඉන්දීය කණ්ඩායමේ නායකයා වූ රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි යන දෙදෙනාම මෙම තරගයට ක්‍රීඩා නොකිරීම හේතුවෙන් හර්දික් පාණ්ඩ්‍යාට කණ්ඩායමේ නායකත්වය පැවරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් පියවර ගනු ලැබුවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා පන්දුවාර විස්සයි විස්ස තරග 26 ක් පවත්වා ඇති අතර ඉන් තරග 17 ක ජය හිමිවී ඇත්තේ ඉන්දියාවටයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරග 8 ක් ජයගෙන තිබෙනවා. ඒ අතුරින් අවසන් වරට ඉන්දියාවට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කළේ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති ආසියා කුසලාන තරගාවලියේදීයි. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන්වී ඇති අතර අද තරගයේදී දෙපිලටම කාසියේ වාසිය ප්‍රබල සාධකයක් වනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ. වන්කඩේ ක්‍රීඩාගනයට රාත්‍රී කාලයේ පින්න පතිතවන බැවින් කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම පළමුව පන්දු රැකීම තෝරාගනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2023 10:47

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්