ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩුවක් නැහැ – ගැමුණු විජේරත්න
Related Articles
ඔටෝ ඩීසල් මිල රුපියල් 15කින් අඩු කළද එහි වාසිය මගී ජනතාවට ලබාදීම ප්‍රායෝගික නොවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
දැනට පවතින බස් ගාස්තු සඳහා ගාස්තු ප්‍රතිශතයක් ගණනය කිරීම ඊටත් වඩා දුෂ්කර බවයි ඔහු පෙන්වා දෙන්නේ.
බස් ගාස්තු සංශෝධනයක් සලකා බැලීමට ඩීසල් ලීටරයක මිල 4%කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩු කළ යුතු බවත් මෑත මිල අඩු කිරීමත් සමඟ එය 2% ට ආසන්න වූ අතර ගාස්තු සංශෝධනයක් කිරීමට එය ප්‍රමාණවත් නැති බව ඔහු සඳහන් කළා.
බස් ගාස්තුව අඩු කිරීමෙන් සිදුවන්නේ සේවාව පිරිහීමට පමණක් බවයි .
“කොහොම හරි අපි සේවාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ඉන්ධන ලබාගත්තා. අපි දැන් සම්පූර්ණ සේවාවක් සපයනවා”
“දුම්රිය සේවාව සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් නැහැ. දුම්රිය සේවා ක්‍රියාත්මක කළත් නැතත් ඒ සඳහා බස්රථ යොදවා තිබෙනවා. මේ දවස්වල දුම්රිය ප්‍රමාද වැඩියි, මිනිස්සුන්ට නියමිත වෙලාවට ගමනාන්තවලට යන්න බැහැ. මේ හේතුවෙන් මහජනතාවගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පෞද්ගලික බස් සේවාව භාවිත කරන ලෙස ඉල්ලීමක් කළා.
“කෙසේ වෙතත්, රජය මේ වන විට ඩොලරය වෙනුවට ඉන්දියානු මුදල් භාවිතා කරමින් ඉන්දියාවෙන් අමතර කොටස් ආනයනය කිරීමට උත්සාහ කරයි. උත්සාහය සාර්ථක වුණොත් බස් ගාස්තුව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්.”
“වර්තමාන බස් ගාස්තුව ඉතා ඉහළ මට්ටමක පවතින නමුත් ආනයනය ආරම්භ වූ වහාම එය අඩු කළ හැකි බවයි” ඔහු වැඩිදුරටත් පැවසුවේ.