fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධිවරයින් 12 දෙනෙකු දැඩි කොන්දේසි මත නිදහස් කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2023 10:21

මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධිවරයින් 12 දෙනෙකු දැඩි කොන්දේසි මත නිදහස් කෙරේ

මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධිවරයින් දොලොස්දෙනෙකු දැඩි කොන්දේසි මත නිදහස් කර තිබෙනවා.

යාපනය මුහුදු සීමාවට අනවසරෙන් ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදි අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ධිවරයින් 12 දෙනා ඊයේ පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදි ඉන්දීය ධිවරයින් වරද පිළිගෙන සමාව ලබා ගැනීම හේතුවෙන් ඔවුන්ට පනවා තිබු අවුරුදු 03ක සිර දඩුවම අවුරුදු 10ක් දක්වා අත්හිටුවීමට පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තා. එමෙන්ම ඉන්දීය ධිවරයින්ට කිසිදු අයුරකින් උතුරු මුහුදු සීමාවට ඇතුලු නොවන ලෙසට ද දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු ඔවුන් නිදහස් කෙරුණා. දැඩි කොන්දේසි මත නිදහස් කර ධීවරයින් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් නාවික හමුදාවේ ද සහය ඇතුව ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන්ට භාරදීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2023 10:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්