මත්කරල් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Related Articles
පාසල් සිසුන්ට අලෙවි කිරීමට සුදානම් කර තිබු මත්කරල් තොගයක් සමඟ සැකකරුවෙකු ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නව පාසල් වාරය ආරම්භවීමත් සම පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මෙම මත්කරල් අලෙවි කිරීමට සැකකරු සැලසුම් කර තිබු බවයි හෙළි වි ඇත්‌තේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ බස්නාහිර පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරුකට අනුව කල වැටලීමකදියි මත්කරල් අසූවක් සමග සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ. ඔහු වැල්ලම්පිටි ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු වැඩිදුර විමර්ශන සදහා ග්‍රැන්ඩ්පාස් පොලිසියට භාරදී තිබෙනවා.