fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වයර් කැබැල්ලක්, ලේ තැවරුණු රෙදි, ෂාෆ්ටර්ගේ නියපොතු සහ ලේ සාම්පල රස පරීක්ෂණයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 20:02

වයර් කැබැල්ලක්, ලේ තැවරුණු රෙදි, ෂාෆ්ටර්ගේ නියපොතු සහ ලේ සාම්පල රස පරීක්ෂණයට

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනය වු ස්ථානයේ තිබි සොයා ගත් වයර් කැබැල්ලක්,  ලේ තැවරුනු රෙදි,  ෂාෆ්ටර් මහතාගේ නියපොතු සහ ලේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඩී එන් ඒ වාර්තාවක් කැවීමට අධිකරණය අද නියෝග කළා.

පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පොලිසිය අධිකරණයෙන් කල ඉල්ලීමකට අනුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් සහදන් කළේ පොලිස්පතිවරයාගේ නියෝගය අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි. ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් ද එසේ නැත්නම් සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව පොලිසිය අධිකරණය හමුවේ සදහන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 20:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්