fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පවුල් 2500කට සෙත සැලසෙන ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන ඇරඹේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 16:49

පවුල් 2500කට සෙත සැලසෙන ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන ඇරඹේ

හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ප්‍රජා මුලුතැන්ගෙයක් ආරම්භ කෙරුණා.

ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි වැඩසටහන ආරම්භ කෙරුණේ. ආහාර සපයා ගැනීමට අපහසුතා ඇති දිළිදු ජනතාව ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. හුනුපිටිය,  කොම්පඤ්ඤවීදය,  ගාලුමුවදොර,  ඉබ්බන්වල සහ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම් වල පවුල් 2500කට පමණ මෙම ප්‍රජා මුලුතැන්ගෙයින් සෙත සැලසෙනවා. අද දිනයේ සිට දින 40ක් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ප්‍රතිලාභ ලබන පවුල්වල සාමාජිකයන් ඉලක්ක කරගනිමින් ස්වයං රැකියා වැඩසටහන් හා වෘත්තීය පුහුණු ලබාදීම ද සිදු කෙරෙනවා. ත්‍රිවිධ හමුදාව,  පොලිසිය,  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම ජාත්‍යන්තර සිංහ සාමාජය,  රොටරි සාමාජය සහ පෞද්ගලික ආයතන රැසක් මේ සදහා දායකත්වය ලබාදෙනවා. සමාරම්භක අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන,  හිටපු අමාත්‍ය දයා ගමගේ යන මහත්වරුන් පිරිසක් එක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 16:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්