fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩුබායි රාජ්‍යයේ මත්පැන් සඳහා වු බද්ධ 30%කින් අඩු කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 16:31

ඩුබායි රාජ්‍යයේ මත්පැන් සඳහා වු බද්ධ 30%කින් අඩු කෙරේ

ඩුබායි රාජ්‍යයේ මත්පැන් සඳහා වු බද්ධ සියයට තිහකින් අඩු කර තිබෙනවා.

සංචාරකයින් සහ විදේශීකයින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාවට නංවා තිබෙනවා. මධ්‍යසාර සඳහා සියයට 30 බද්ද මෙන්ම මත්පැන් මිලදී ගැනීම සඳහා අවශ්‍ය බලපත්‍ර ගාස්තු අවශ්‍යතාවයද ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම වෙනස්කම ඊයේ සිට ක්‍රියාත්මක වූ අතර වසරක අත්හදා බැලීමේ කාලයක් සඳහා වලංගුවනවා.  ඩුබායි රාජ්‍යයේ ආර්ථිකය කොවිඩ් 19 වසංගතයෙන් පසුව වේගයෙන් යාථා තත්වයට පත්වී ඇති අතර එරට දළ දේශීය නිෂ්පාදිතය 2022 වසරේ පළමු මාස 9 සඳහා සියයට 4.6කින් වර්ධනය වී තිබෙනවා. එමෙන්ම 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ පළමු භාගයේ දී සංචාරකයින් පැමිණිම සියයට 180කින් ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයක්.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 16:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්