fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේවක හිඟය හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් රැසක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 12:42

සේවක හිඟය හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් රැසක්

හැට පිරුණු සේවකයින් විශ්‍රාම යාමත් සමග දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් රැසක් සිදුවූ බවට අපට වාර්තා වුණා.

මගී දුම්රිය 48 ක් සහ භාණ්ඩ දුම්රිය 11 ක්ද ඇතුළුව ගමන් වාර 59 ක් ඊයේ දිනයේදී අවලංගු වූ බව වාර්තා වුණා. අද උදෑසන ද කාර්යාල දුම්රිය ගමන්වාර 8 ක් අවලංගු කර තිබුණා. අද පස්වරුව වනවිට දුම්රිය ගමන්වාර 36 ක් අවලංගු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. භාණ්ඩ දුම්රිය 12 ක් ද ඊට අයත්. ගැටලුව විසදා ගැනීමට සේවා දිගුවක් ලබාදෙන ලෙසයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ.

කෙසේ වෙතත් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව අප වාර්තාකරුවන් පවසනවා. දුම්රිය මගීන් ද ඒ බව තහවුරු කළා. ඇතැම් මගීන් කියාසිටියේ දුම්රිය ප්‍රමාදය සාමාන්‍ය සිදුවීමක් බවයි.

අද උදෑසන කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 9 ක් ක්‍රියාත්මක කෙරුණා. එම මාර්ගයේත් ධාවනය නොවූයේ එක් දුම්රියක් පමණක් බවයි දුම්රිය සේවකයෙක් පැවසුවේ. ඒ වග දුම්රිය ස්ථානයේ සිට පෙරවරු 6.20ට ධාවනය වීමට තිබූ දුම්රියයි. කාර්යාල සේවකයින් මෙන්ම පාසල් සිසුන්ද බාධාවකින් තොරව දුම්රියෙන් ගමන් කරන ආකාරය දක්නට ලැබුණා.

මේ අතර දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන ගාමිණි සෙනෙවිරත්න මහතා පවසන්නේ දුම්රිය සේවය තුළ අටදහසක සේවක හිඟයක් පවතින බවයි. විශ්‍රාම ගිය සේවකයින්ද කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ගැටලුව විසදන බවයි ඒ මහතා තවදුරටත් සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්